"සබ්බ දානං ධම්ම දානං ජිනාති" — "සියලු ම දානයන්ට වඩා ධර්ම දානය උතුම් වේ"
ආයුබෝවන්!
{අට මහ කුසල් පිළිබඳව ද ත්‍රිපිටක (අටුවා, ටීකා) මූලාශ්‍රයක් අපට මෙතෙක් හමු වී නැත.}
"එහි සබ්බදානං ධම්ම දානන්ති - ඉදින් සක්වල ගැබ බඹලොව දක්වා නිතර වැඩ සිටින බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් දළු සමාන සිවුරු දෙන්නේද එම සමාගමයේ දී සතර පද ගාථාවකින් කරන ලද අනුශාසනයම ශ්‍රේෂ්ඨ වේ. එම දානය එම ගාථාවේ දහසයෙන් කොටසක් හෝ නොවටී. මෙලෙස ධර්ම දේශනයම වචනයෙන්ද ඇසීමෙන්ද මහත් වේ. යම් පුද්ගලයෙක් බොහෝ අයට ඒ ධර්ම ශ්‍රවණය කරන ලද්දේ නම් එහිම අනුසස් මහත්ය. මෙබඳු පිරිසකට ප්‍රණීත පිණ්ඩපාත පාත්‍රයේ පුරවා දෙන ලද දානයට වඩා ගිතෙල් පාත්‍රය පුරවා දෙන ලද දානයටද වඩා මහාවිහාරය වැනි මහවෙහෙරවල් ලෝහ මහා ප්‍රාසාද වැනි ප්‍රාසාද සියදහස් ගණනක් කරවා දුන්නේද අනේපිඬු සිටුවරයා ආදීන් විසින් විහාර වෙනුවෙන් කළ පරිත්‍යාගවලට ද වඩා පිරිසයෙන් සතර පද ගාථාවකින් කරන ලද අනුශාසනය වශයෙන් කරන ලද ධර්ම දානයම .... මහරජ සියලු දානයන්ට වඩා ධර්ම දානයම ශ්‍රේෂ්ඨ වන්නේය."
☸☸☸ ත්‍රිපිටක පොත් වහන්සේ සහ ඒ ආශ්‍රිත පොත්පත් වීඩියෝ බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා නවීනතම කෘතීම බුද්ධි මෘදුකාංග සහ පරිගණක වෙනුවෙන් වැය වන අති විශාල මුදල පියවා ගැනීමට, නොමසුරු - ධර්මකාමී - දානපති ඔබට, ඔබගේ නෑදෑ හිත මිත්‍රාදීන්ට ද මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ උසස් කොටස්කරුවන් විය හැක:
මූල්‍යමය පරිත්‍යාග සඳහා පහත සබැඳියෙන් පිවිසෙන්න:
පරිගණක පරිත්‍යාග සඳහා අප හා සම්බන්ධ වන්න:
# මෙය විවිධ පාර්ශවයන් විවිධාකාරයෙන් බුදු දහම (බණ) දේශනා කරන සමයෙකි; චේතනාන්විතව (හිතාමතා) නොකරන්නේ නම්, පුද්ගලානුබද්ධ දෝෂයන් මතුවන්නේ ධර්මයේ ගාම්භීර (ගැඹුරු) බව නිසා ම ය. නිවැරදි ම දහම ජනගත කිරීම ව්‍යාපෘතියේ අභිප්‍රාය යි.
ලොකු ම දානමය පිංකම කරගන්න කැමති අයට (මාපිය නෑදෑ හිත මිත්‍රාදීන්ට) මේ ලින්ක් එක share කරන්න:
