"සබ්බදානං ධම්මදානං ජිනාති" — "ධර්ම දානය සියලු මහදන් පරදවා ජයගනු ලබයි"

ආයුබෝවන්!


සබ්බදානං ධම්මදානං ජිනාති ලෙස මිසෙක, සබ්බදානං කඨිනචීවරදානං ජිනාති යැයි සඳහන් දේශනයක් නොමැත. එහෙත්, සබ්බදානං කඨිනචීවරදානං ජිනාති වැනි, කඨින චීවර ආනිශංස අතිශෝක්තියෙන් වර්ණනා කරන, ත්‍රිපිටකයෙහි (අටුවා, ටීකාවල) හෝ නොමැති, නාගිත ථේරාපදානය නමැති ඉපැරණි මූලාශ්‍රයක් පදනම් කරගෙන, කඨිනචීවර පූජාව අමුතු ම මානයකට ඇදී යන මේ යුගයේ ධර්ම දානයේ සැබෑ ආනිශංස වටහා ගමු:

[ත්‍රිපිටකයෙහි සඳහන්: නාගිත ථේර ගාථාව සහ එහි වර්ණනාව: https://tipitaka.lk/kn-thag-1-9-5/17-22/sinh / https://tipitaka.lk/atta-kn-thag-1-9-6/sinh]

{අට මහ කුසල් පිළිබඳව ද ත්‍රිපිටක (අටුවා, ටීකා) මූලාශ්‍රයක් අපට මෙතෙක් හමු වී නැත.}

"එහි සබ්බදානං ධම්ම දානන්ති - ඉදින් සක්වල ගැබ බඹලොව දක්වා නිතර වැඩ සිටින බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් දළු සමාන සිවුරු දෙන්නේද එම සමාගමයේ දී සතර පද ගාථාවකින් කරන ලද අනුශාසනයම ශ්‍රේෂ්ඨ වේ. එම දානය එම ගාථාවේ දහසයෙන් කොටසක් හෝ නොවටී. මෙලෙස ධර්ම දේශනයම වචනයෙන්ද ඇසීමෙන්ද මහත් වේ. යම් පුද්ගලයෙක් බොහෝ අයට ඒ ධර්ම ශ්‍රවණය කරන ලද්දේ නම් එහිම අනුසස් මහත්ය. මෙබඳු පිරිසකට ප්‍රණීත පිණ්ඩපාත පාත්‍රයේ පුරවා දෙන ලද දානයට වඩා ගිතෙල් පාත්‍රය පුරවා දෙන ලද දානයටද වඩා මහාවිහාරය වැනි මහවෙහෙරවල් ලෝහ මහා ප්‍රාසාද වැනි ප්‍රාසාද සියදහස් ගණනක් කරවා දුන්නේද අනේපිඬු සිටුවරයා ආදීන් විසින් විහාර වෙනුවෙන් කළ පරිත්‍යාගවලට ද වඩා පිරිසයෙන් සතර පද ගාථාවකින් කරන ලද අනුශාසනය වශයෙන් කරන ලද ධර්ම දානයම අගනේය. ශ්‍රේෂ්ඨ වන්නේය. කුමක් නිසාද එබඳු පිං කරන්නේ මෙබඳු ධර්ම දේශනා ඇසීම නිසාය. නො අසා එසේ නොකරති. ඉදින් මේ සත්ත්වයෝ ධර්මය නොඅසන්නේ නම් සැන්දක් පමණ බත් හෝ එපමණ කැඳවත් දන් නො දෙති. මේ කරුණ නිසා සියළු දානවලට වඩා ධර්මදානයම ශ්‍රේෂ්ඨ වේ. බුද්ධ - පච්චෙක බුද්ධවරයන් තබා මුළු කල්පයකට වසින වැසි බිඳු ගණන් කිරීමට සමත් ප්‍රඥාවෙන් යුත් සාරිපුත්ත මහතෙරුන් ආදීන් ද තම ධර්මතාව නිසා සෝවාන් ආදී ඵලයන් අවබෝධ කර ගැනීමට නොහැකිවුහ. අස්සජි ආදී තෙරවරුන් දේශනා කරන ලද ධර්මය අසාම සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ. මෙසේ අස්සජි තෙරුන් වැන්නෝ ද, බණ අසාම සෝවාන් වූහ. ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රාවක පාරමී ඤාණයම සාක්ෂත් කරන්නාහ. මේ කරුණින් ද මහරජ සියලු දානයන්ට වඩා ධර්ම දානයම ශ්‍රේෂ්ඨ වන්නේය."


ගරුතර හිමියණි/මිතුර, ඔබවහන්සේ/ඔබ හොඳින් කල් යවනවා යැයි සිතමු!

එදාමෙදාතුර, විශාලතම සහ දීර්ඝතම වීඩියෝ ව්‍යාපෘතියට ආරාධනා!

අපි (ingreesi.com), රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ (සිංහල සහ ඉංග්‍රීසි පරිවර්තන) ග්‍රන්ථ හා මෙහි (මෙතැන ඔබන්න!) අඩංගු ග්‍රන්ථ මත පදනම් වූ දැවැන්ත වීඩියෝ පොත් ව්‍යාපෘතියක්, එනම්: නවතම තාක්‍ෂණය භාවිතයෙන්, උන්වහන්සේ විසින් විරචිත පොත් වහන්සේලා වීඩියෝ බවට පත් කරන ව්‍යාපෘතියක් අරඹන්නට කැමති බව යෝජනා කරන්නෙමු. (ඕනෑම භාෂාවකින් පාහේ ඇති ලිපි-ලේඛන-පොත්පත් අපට වීඩියෝ බවට හැරවිය හැක.)

ධර්ම දානයට අමතරව, මෙම ව්‍යාපෘති යෝජනාව පිටුපස බොහෝ අභිප්‍රායන් ඇත:

අද වන විට නොයෙක්, විවිධාකාර, පරස්පරවිරෝධී, අධාර්මික ධර්ම දේශනා සුලබව ඇසේ; නමුදු, නාහිමියන්ගේ දේශනා (පොත්) එසේ නොවේ; එමෙන් ම උන්වහන්සේ මාර්ග-ඵල ලාභී උතුමන් වහන්සේ නමක් බව පෞද්ගලිකව අපගේ දැඩි විශ්වාසය යි, එහෙත් උන්වහන්සේගේ ධර්ම දේශනා විරල ය. එබැවින් උන්වහන්සේගේ ග්‍රන්ථ, දේශනා මාධ්‍යයෙන් ගෙන ඒම අපගේ මුඛ්‍ය පරමාර්ථය යි. ඊට අමතව:—

1. නාහිමියන්ගේ හා අනෙකුත් සියලු ම සිංහල පොත් සහ ඒවායේ ඉංග්‍රීසි පරිවර්තන වීඩියෝ ආකෘතියෙන් ප්‍රකාශයට පත් කිරීම හා ජනගත කිරීම;

[නාහිමියන්ගේ ග්‍රන්ථ කථන (Audiobooks) මාධ්‍යයෙන් (බොහෝ කොට) දක්නා ලද මුත්, (අප හැර,) දෘශ්‍ය (Videobooks) මාධයෙන්  මෙතෙක් නොදක්නා ලදී.]

2. නාහිමියන්ගේ හා අනෙකුත් සියලු ම සිංහල පොත් සහ ඒවායේ ඉංග්‍රීසි පරිවර්තන වීඩියෝ ආකෘතියෙන් ආරක්ෂා කිරීම, සුරක්ෂිත කිරීම;

3. වර්තමානයේ පොත් කියවීමට වඩා වීඩියෝ නැරඹීමට වැඩි නැඹුරුවක් ඇති බැවින් YouTube වෙබ් අඩවිය වෙත උඩුගත කිරීම;

[අපගේ YouTube නාලිකා / එම YouTube නාලිකාව මුදල් උපයන්නේ (මොනටයිස් කරන්නේ) නැත.]

4. කියවීමට අපහසු (දෘශ්‍යාබාධිත), ඇසීමට අපහසු (ශ්‍රව්‍යාබාධිත), කියවීමට නොකැමැති, කාර්යබහුල ආදී පාඨකයා ඉතා සුවපහසු සවන්දෙන්නෙකු/නරඹන්නෙකු බවට පත් කිරීම;

5. නාහිමියන්ගේ හා අනෙකුත් සියලු ම සිංහල පොත් සහ ඒවායේ ඉංග්‍රීසි පරිවර්තනවලට නවීන හා ඉදිරි පරම්පරාවල ආදරය/කැමැත්ත ළඟා කරවීම සහ ඒවා පැතිරවීම; ආදිය යි.

පහත සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කළ නියැදි යුග්මයක් පෙළ ගස්වා ඇත. එම නියැදිවල අඩංගු වන-නොවන, ස්ත්‍රී-පුරුෂ හඬ, අක්ෂර, රටා ආදී ඕනෑ ම වෙනස්කමක් ද සිදු කළ හැක.



සැ.යු. YouTube වෙත උඩුගත කිරීමෙන් මෙම ව්‍යාපෘතිය (නාහිමියන්ගේ හා අනෙකුත් සියලු ම සිංහල පොත් සහ ඒවායේ ඉංග්‍රීසි පරිවර්තන) දීර්ඝ කාලයක් හෝ සදාකාලිකව ම බෞද්ධ උරුමයක්/නිධානයක් බවට පත් වෙනු ඇත!

අපි මෙම වීඩියෝ ග්‍රන්ථ ව්‍යාපෘතිය, අපගේ වෙබ් අඩවි හරහා [ඉතා ම කලාතුරකින් ලැබෙන ඉතා ම සුළු පරිත්‍යාග; පාඨකයාට හිරිහැරයක් විය හැකි බව දැන-දැනත් පළ කරන වෙළඳ දැන්වීම් හා වෙනත් සාධාරණ ක්‍රම මඟින්] උපයා ගන්නා මුදල් යොදවා, අපගේ පෞද්ගලික මුළු වියදමින්, සම්පූර්ණයෙන් ම නොමිලේ පුණ්‍ය කටයුත්තක් වශයෙන් සිදු කිරීමට අදහස් කරන නමුදු:

කාලය, ශ්‍රමය, නිර්මාණාත්මක වියදම්, අධික විදුලි බිල්, අන්තර්ජාල ගාස්තු, පරිගණක නාස්තිය (computer-wastage) හා විශේෂයෙන් ම ඉංග්‍රීසි කියවීමේ මෘදුකාංගයේ මිල ආදිය සලකා බලා, ඔබලා (ඔබ, ඔබගේ නෑ-හිත-මිතුරන්) කැමති ඕනෑම ගණනක්, දිරිගැන්වීමක් වශයෙන් හෝ මූලික ප්‍රාග්ධනයක් වශයෙන් හෝ එක් පොතකට හෝ ජීවිතයට ම එක් වරක් හෝ මාසික පරිත්‍යාගයක් වශයෙන් හෝ ඔබට කැමති වෙනත් ඕනෑ ම අයුරකින් හෝ පරිත්‍යාග කරන ලෙස ද යෝජනා කරමු. (මෙතැන ඔබන්න!)
 
කරුණාකර ව්‍යාපෘති යෝජනාව පිළිබඳව ඔබවහන්සේගේ/ඔබේ අදහස් හා යෝජනා අප සමඟ බෙදා ගන්න. (මෙතැන ඔබන්න!)

"සබ්බ දානං ධම්ම දානං ජිනාති" — "සියලු ම දානයන්ට වඩා ධර්ම දානය උතුම් වේ"




තෙරුවන් සරණයි!!!

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
“දානං ඛලු සභාවෙන සග්ග මානුස භොගදං
පරිණාම වසෙනෙව හොති මොක්බූපනිස්සයං”


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll